ඩීසල් හා භූමිතෙල් වැට් බද්දෙන් නිදහස් .

ඩීසල් සහ භූමිතෙල් 18 % ක වැට් බද්දෙන් නිදහස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් , භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් ය.

තවද හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවත් , ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version