පාස්කු ප්‍රහාරය සිදුවන බවට තොරතුරු දැනගෙන ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් නොකල බවට හිටපු බුද්ධි ප්‍රධානි DIG නිලන්ත ජයවර්ධනට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.
එම ප්‍රකාශයට හේතුව වුයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවෙනි තනතුරට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබෙන බැවිනි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කලේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් සහ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවකින් පවා ඔහුගේ රාජකාරිය පැහැර හැරීම පිලිබදව සදහන් වන බව ප්‍රකාශ කරන ලදී. එසේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ඔහුට විරුද්ධව කිසිදු විනය පරික්ෂණයක්වත් පවත්වා නැති බවට ප්‍රකාශ කරන ලදී.
පාස්කු සිද්ධිය සම්බන්ධව නඩු පවරන්නේ නම් නිලන්ත ජයවර්ධන මහතාට පමණක් නොව එවකට ජනාධිපතිට පවා නඩු පැවරිය යුතුය. පාස්කු ප්‍රහාරය සමග බොහෝ කතා එලියට ආවේය. පහත තැනින් ජලය ගලා ගියත්, රාජ්‍ය පාලකයාගේ සිට ක්‍රියාත්මකවන දැක්මක් නැති දූෂිත ක්‍රම නිසා රටක් විනාශ වී තිබේ. එනවින් මුජිබර් රහුමාන්ලා කල යුත්තේ එක් පුද්ගලයෙකුට ඇගිලි දිගු කිරීම නොව, එවකට ජනාධිපතිගෙන් ආරම්භය ගැනීමය. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නම් නිලන්ත ජයවර්ධනලා ගැන පසුව කතා කල හැකිය. ජනාධිපති නොහොත් ජනතාවගේ අධිපති ජනතාව ආරක්ෂා කරගත යුතුය. එබවින් පළමුව නීතිය ක්‍රියාත්මක විය යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය. මුජිබර්ලා කතා කල යුත්තේ ඔවුන් බේරාගෙන දේශපාලනය නිසා සැමදා තැලෙන පොලිස් නිලධාරීන්ට ඇගිල්ල දිගු කිරීම නොවේ.















































