දිමුත්ව හදිසියේම කැඳවයි.

ලබන ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියට සහභාගීවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචියට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නව ඇතුළු කර ඇති බව වාර්තා වේ.

මෙයට හේතුව මීට පෙර නම් කළ 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට එක්කර සිටි කුසල් ජනිත් පෙරේරා මේ වන විටත්  ඔහුගේ ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීම බව සඳහන්.

එමෙන්ම දිමුත් කරුණාරත්නව මූලික සංචියට එක් කළ ද , කුසල් පෙරේරාව මූලික සංචිතයෙන් පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බව ද වාර්තා වේ.

Exit mobile version