සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹූ බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රථම ගුවන් යානය සීෂෙල්ස් වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (21) අලුයම 4 ට පමණ ළඟා වූ අතර අද (21) සිට සෑම බදාදා සහ ඉරිදා දිනකම අලුයම 4ට සීෂෙල්ස් සිට මෙලෙස ගුවන් යානා මෙරටට පැමිණෙන බව සඳහන් වේ.
එයාර් සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.262 දරණ ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙකු සහ කාර්‍ය මණ්ඩලය 06 දෙනෙකු ද සමඟ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.
