ස්පාඤ්ඤ මුහුදේදී සංක්‍රමණිකයන් අතුරුදහන් වීමක්.

සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණික යාත්‍රා තුනක ගමන් කරමින් සිටි පුද්ගලයන් 300 දෙනෙකු ස්පාඤ්ඤ ආසන්න මුහුදේදී අතුරුදහන් ව ඇති බව වාර්තා වේ.

සෙනගාලයේ වර්තමානයේ පවතින දරිද්‍රතාවය සහ විවිධ හේතූන් මත බොහෝ පිරිසක් මෙලෙස ස්පාඤ්ඤයට පලා යමින් සිටින බව සදහන්.

බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති කැනරි දූපත් ස්පාඤ්ඤය බලා යන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන ගමනාන්තයක් වන අතර ,බොහෝ පිරිසක් ඒ හරහා පලායෑමට ගොස් අනතුරට ලක්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version