2028 වසර හෝ 2030 වසර වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ මුල්‍ය අර්බුදයකට මුහුණදීමට සිදුවන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්‍යාලය සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැති කාරක සභා රැස්වීමක දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි.
අනාගතයේ දී විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බුදයක් මතුවන්නේ ද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ නිලධාරීන්ගේ ප්‍රශ්න කළ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ ,
“අපි සම්පූර්ණ තාක්ෂණික වශයෙන් අධ්‍යයනයක් කරලා නෑ. නමුත් අපේ ගණන් බැලීම අනුව 2028 – 2030 වෙද්දි නැවත වතාවක් විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බුදයකට රට මුහුණදෙනවා. දැනටමත් ලක්ෂ 7කට සංඛ්‍යාවක් විශ්‍රාමිකයෝ ඉන්නවා. ඒ අයට මාසික විශ්‍රාම වැටුප ගෙවන්න බිලියන 27කට ආසන්න මුදලක් දළ වශයෙන් උවමනා වෙනවා. ඊට අමතරව රජය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මියගිය අයට කෝටි 300ක මුදල් ප්‍රමාණයක් මාසිකව වන්දි හා දීමනා ලෙස ගෙවනවා. ඇත්තටම ටිකක් ප්‍රමාද වෙන්නේ පාරිතෝෂික ගෙවන එක තමා ඉදිරියට කල් දදා. මාසික විශ්‍රාම වැටුප් අඛණ්ඩව ගෙවනවා.”
