සාමාන්‍ය පෙළ සමත් දරුවන් උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් තෝරා ගැනීමේදී විදුහල්පතිවරුන් විසින් සකසා ගනු ලැබූ නීති පද්ධතියක් හේතුවෙන් ගැටලුවලට මුහුණ දෙන බව කෝප් කමිටුවේදී අනාවරණය වූ බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේ සරසවි ප්‍රවේශයට අදාළව සිසුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳ සිය කොමිසම ප්‍රශ්න නොකරන බවයි.
මේ එහිදී කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග අතර ඇති වූ සංවාදයයි.
