දුම්රිය සේවකයින් සහ සාමාන්‍යාධිකාරවරයා අතර සාකච්ඡාවක්.

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් පෙරේදා (23) දිනයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. 

මේ හේතුවෙන් ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර ඇති බව සදහන්.

Exit mobile version