පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීමට බාධා මතුව ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම මණ්ඩලය පැවසුවේ කුරුණෑගල, අක්කරෙයිපත්තු, බණ්ඩාරවෙල, යාපනය යන ප්‍රදේශවල ජල මට්ටම ඉතා අඩු මට්ටමක පවතින බවයි.
මේ වනවිට එම ප්‍රදේශවලට පවතින පරිදි ජලය නිදහස් කරන බව සඳහන්.
කෙසේ වෙතත් ඉදිරියේදී පවතින ජල ධාරිතාව අඩුවුවහොත්, ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතවිය හැකි බවට මණ්ඩලය පවසා තිබේ.
මේ හේතුවෙන් සතියකට වරක් ජල මට්ටම් අධීක්ෂණය කිරීමක් ද සිදු වේ.
ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම්දෙන්නේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
