ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට රණ්දෙණිය ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බධා එල්ලවී ඇති බව වාර්තා වේ .

විශාල ගස්, ගල් සමග එම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට පැය භාගයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම බධා එල්ලවී තිබූ බව සඳහන් .

මේ වනවිට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ද වාර්තා වේ .

එමෙන්ම අද (21) රාත්‍රී කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථාවලදී මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්‍රවේශම් වන ලෙසට පොලීසිය දැනුම් දෙයි.

Exit mobile version