පාසල් පෙළ පොත් බෙදා හැරීම ඇරඹේ.

2024 වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහිදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බවත් , විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවත් , පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වියදමකින් මෙන්ම කල්වේලා ඇතිව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් , එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවත් ය.

Exit mobile version