ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට (9) සිට බෙදා හැරීමට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිත බවට කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.
