කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙන ආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බීම බට 16 ක තිබී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා අද (29) පැවසූ බව වාර්තා වේ.
එම පුද්ගලයා ගෙන ආ ආහාර බන්ධනාගරයේ අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිලධාරීන් පරීක්‍ෂා කළ අවස්ථාවේදී කෙසෙල් ඇවරිය තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බව කී ඒකනායක මහතා මෙම මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා සහ අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලීසිය වෙත භාරදුන් බව සඳහන්.
අදාල සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කළ බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
