විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයන්ට සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම දික්කසාද නීතිය කඩිනමින් සංශෝදනය කිරීමට ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා ,
“අධිකරණයක් මඟින් දික්කසාදය ලබා දීමේදී සලකා බලන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අනාචාරය, ද්වේෂ සහගත ලෙස අතහැර යාම සහ විවාහ වන අවස්ථාවේදී ලිංගික බෙලහීනත්වය එම කරුණු තුනයි. විශේෂයෙන් මෙහිදී අනාචාරය වැනි දෙයක් අධිකරණය හමුවේ ඔප්පු කිරීමට යෑමේදී ඇතැම් අවස්ථාවලදී දීර්ඝ කාලයක් ගත වෙනවා. දැනට පවතින නීතියට අනුව දික්කසාද වීම ඉතා සංකීර්ණ සහ කාලය ගත වන ක්‍රියාවලියක් වන හෙයින්, දික්කසාද නීතිය සංශෝධනය කරනවා . දික්කසාද නීතියේ සංශෝධනයට අනුව විවාහක දෙපළට දෙන්නට දෙන්නා අවශ්‍ය නැතිනම් හෝ දාලා ගියා නම් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට හැකි වෙනවා. එමෙන්ම දෙපාර්ශ්වයේම විවිධ සබඳතා නොගැළපීම්, පිළිබඳවද මෙහිදී සලකා බලනවා. නොයෙකුත් හේතූන් මත දික්කසාද වීමට අවශ්‍ය විවාහකයන්ට සිය කැමැත්තෙන් දික්කසාද ලබා ගැනීමට හැකි වන අයුරින් නීති සකස් කරනවා’‘
