ජොකොවිච් ට 23 වෙනි වතාවටත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව.

ලොව ශ්‍රේෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයා තමා ද යන්න තීරණය කිරීම තමාගේ කාර්‍යභාර්‍යයක් නොවන බව සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ප්‍රංශ ටෙනිස් ශූරතාවලිය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙය ඔහුගේ 23 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ජයග්‍රහණය බවත් , පිරිමි ටෙනිස් අංශයෙන් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හිමි කරගත් ක්‍රීඩකයා මොහු බවත් සඳහන්.

මොහු 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජොකොවිච් ,

 ” මම කැමති නෑ මේ සාකච්ඡාවට එකතු වෙන්න . මම මගේම පුරාවෘත කතාව ලියනවා “

Exit mobile version