වෛද්‍යවරු අද නිහඬ විරෝධතාවයක.

අද (12) රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වෛද්‍යවරුන් රට හැර යෑම හේතුවෙන් ඇති වී ඇති බලපෑම සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බව සදහන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, රෝහලේ ප්‍රතිකාර සේවාවන්වලට බලපෑමක් නොවන පරිදි මෙම විරෝධතා මාලාව පැවැත්වෙන බවයි.

දහවල් 12.00 සිට 2.00 දක්වා මෙම විරෝධතා මාලාව පැවැත්වේ.

Exit mobile version