2009 අප්‍රේල් 20වනදා එනම් මීට වසර 14 කට පෙර වව්නියාව මහා රෝහලේ සේවය කල ප්‍රසව හා නාරි විශේෂඥ ඒ.මීරාමොහිදීන් වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්තානයේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී ඝාතනයට ලක්විය.
එම අපරාධය සම්බන්ධයෙන් එවකට ප්ලොට් සංවිධානයේ (දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය ) වවුනියා ප්‍රදේශ නායකයකු වූ සිවනාදන් ප්‍රේමනාත් නැදුමාරන් නම් තැනැත්තා වරදකරු වූ අතර වවුනියා මහාධිකරණයෙන් අධිචෝදනා ලබා සිටි මොහුට සියලු චෝදනාවන්ට වරදකරු බවට නිගමනය කරමින් වවුනියා මහාධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් ඊයේ (08) දින මරණ දඩුවම නියම කළ බව වාර්තා වේ .
