ස්ථාන මාරු කුමන්ත්‍රණයක් පිළිබඳ වෛද්‍යවරු හෙළි කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අධිකරණයට දුන් පොරොන්දුව නීතිපතිවරයා මඟින් යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට විශේෂඥ වෛද්‍යවරු චෝදනා කර ඇති බව වාර්තා වේ.

මෙම උත්සාහය දරන්නේ, ප්‍රබල වෘත්තීය සමිතියක ආශීර්වාදය ඇතිව යැයිද ඔවුහු ප්‍රකාශ කර තිබේ.

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය හිඟය අවම කිරීමට වුවත්, සෞඛ්‍ය ලේකම්වරයා විසින් ශික්ෂණ රෝහල්වල ස්ථාන මාරු නොලබා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට යෝජනා කරමින් නව ප්‍රතිපාදනයක් ඇතුළු කිරීමට උත්සාහ කරමින් සිටීම තවත් නඩු කිහිපයකට මුහුණ දීමට හේතුවක් වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරු පිරිසක් පෙන්වා දී තිබේ

දැනට පවතින රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ, එවැනි රෝහල්වල විශ්‍රාම යාමට ආසන්න වයසේ නිලධාරීන් ස්ථාන මාරු නොකිරීම වන අතර මේ යෝජනාව හේතුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියද උල්ලංඝණය වන බව ට ඔහු පෙන්වා දී තිබේ.

Exit mobile version