දොඩම්ගොඩ ඝාතනයේ සැකකරුවන් කොටු වෙයි.

දොඩම්ගොඩ , දොලේලන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

පොලීසිය පවසන්නේ නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටිය දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් , මොවුන්  අවුරුදු 29 සහ 38 යන වයස්වල පසුවන්නන් බවත් ය.

Exit mobile version