IMF කියන්නේ මුලින් බෙල්ලේ වැල දාගන්න කියලද? – ඉරාන් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවේදී සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම පසෙක දමා ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදල කියන්නේ මුලින්ම බෙල්ලේ වැල දාගත්තාට පසු අප කෑම දෙන්නම් යැයි කියාය.

වත්මන් අර්බුදය හමුවේ පීඩිත ජනතාව බිත්තියට හේත්තු කර මෙම ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යා නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Exit mobile version