ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඊයේ දිනට සාපේක්ෂව අද (28) දිනයේ පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (27) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 301.32ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන් වූ අතර අද (28) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 301.15ක් ලෙසත්,විකුණුම් මිල 316.67ක් ලෙස සටහන්ව තිබේ.
