බූරු මූණා අංගොඩට

දින 90ක් රදවාගෙන ප්‍රශ්න කෙරෙන පාතාල වෙඩික්කරුවෙකු වන රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා අද (23) අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යොමු කෙරූ බවට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සදහන් කර තිබේ.

සැකකරු ඊයේ (22) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරියක් හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී බූරු මූණා පවසා ඇත්තේ කාලයක් තිස්සේ නින්ද නොයෑම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඒ අනුව ඔහුට මානසික රෝගයක් ඇත්දැයි සොයා බැලීම සදහා මෙලෙස අංගොඩ මානසික රෝහල වෙත ඇතුළත් කල බවට වාර්තා වේ.

Exit mobile version