හිටපු ජනාධිපතිවරුන්ට නැවත පාර්ලිමේන්තුවට එන්න දෙන්න එපා – දයාසිරි ජයසේකර .

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත්  නතර කළ යුතු බවත් , එය වැරදි පූර්වාදර්ශයක් බවත් , රටේ තිබෙන ඉහලම තැනට ගොස්  නැවත පාර්ලිමේන්තුවට පැමිණීම  සදාචාරයක් නොමැති  වැඩක් බවත් පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල බව වාර්තා වේ.

එමෙන්ම දයාසිරි ජයසේකර මහතා සදහන් කරනු ලැබුවේ  ජේ.ආර් ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග වැනි  මහත්ම මහත්මීන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම  ගැන ස්තුතිවන්ත වන බවත් ,  ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන  කටයුතු කළ බවත් ය .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාත් ඊළඟ වසරේ මහ මැතිවරණයට ඉල්ලා පාර්ලිමේන්තුවට ඒවි ද නොදන්නා බවයි .  

Exit mobile version