දේශීය ණය හුවමාරුව ටෙන්ඩර් කරන ලද දේශීය මුදල් බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ස් ආයතනය විසින් පහත හෙළා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ශ්‍රේණිගත කිරීම් සී සිට ඩී දක්වා පහත හෙළා ඇති අතර, ටෙන්ඩර් නොකළ අනෙකුත් දේශීය බැදුම්කර සී මට්ටමේ පවතින බවට ෆිච් රේටින්ස් ආයතනය ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ලබන සතිය වනවිට දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කළ හැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.
සංවර්ධන බැඳුම්කර, සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල ආදිය අයත්වන විශ්‍රාමික අරමුදල් ආදියේ ප්‍රශස්තකරණ කටයුතු මේ වනවිට අවසන් කර ඇති අතර, මහ බැංකුව සතුව පවතින බැඳුම්කර සහ රජයට ලබාදුන් අත්තිකාරම් ප්‍රශස්තකරණය පමණක් ඉතිරිව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.