මේ දිනවල ඇති තරම් වතුර බොන්න.

මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම සුදුසු යැයි වෛද්‍යවරු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩුකළ යුතු අතර වැඩබිම්වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවට වෛද්‍යවරු උපදෙස් දී තිබේ.

මේ අතර දරුවන් දහවල් කාලයේදී ක්‍රීඩා කටයුතුවලට යොමු නොකර සිටීම වඩා හොඳ බව ද ඔවුහු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version