පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පානීය ජල ගැටලුවක් නිර්මාණය වී ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ , මේ වනවිට පවුල් 48,000ක් පීඩාවට පත්ව ඇති බවයි.
“පීඩාවට පත්ව ඇති සම්පුර්ණ පුද්ගලයින් ගණන 156,000කට ආසන්න සංඛ්‍යාවකට පානීය ජලය බෙදාහැරීමට කටයුතු සිදුකරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අප සතු බවුසර් භාවිතයෙන් මෙම දිස්ත්‍රික්ක 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ආසන්න ප්‍රමාණයකට අපි පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරනවා. ඊට අමතරව සතුන්ටත් පානීය ජලය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකටත් වන සංරක්ෂණ හා වනජීවි යන වගකිව යුතු ආයතන විසින් බවුසර් මඟින් වතුර ලබාදීමට කටයුතු කරමින් යනවා. පසුගිය සුමාන දෙක තුළ පමණක් පානීය ජලය ලබාදීමට රජය විසින් මිලියන 2කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා.”
කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කවල රෝහල් සඳහා පානිය ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහළ ගිය අඩුම අගය මේ වන විට වාර්තා වී ඇති බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අද උදෑසන වන විට උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම දැක්වුනේ දැරිය හැකි සමස්ත ජල ධාරිතාවෙන් සියයට 0.45ක ප්‍රතිශතයක් ලෙස බව සදහන්.














































