වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දිස්ත්‍රික්ක කීහිපයක පානීය ජල සැපයුම මේ වන විට සීමා කර ඇති බවත් ප්‍රදේශ කිහිපයක ජලය බෙදාහැරීම මුර ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා පවසයි.
ඉහළ ජල පරිභෝජනයක් ඇති කුරුණෑගල නගරයට ජලය බෙදාහැරීම මීට පෙර සීමා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
