රියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ දෙපාර්තමේන්තුවටම .

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබෙන බව වාර්තා වේ .

2020 ජූලි මස නව වනදා ගත් කැබිනට් තීරණයකට අනුව 2021 ජනවාරි පළමු වනදා සිට මෙම කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වන අතර ඔවුන් රියදුරු බලපත්‍ර දස ලක්ෂ විසි දෙදහස් හත්සිය හැට තුනක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර විසි හතර ලක්ෂ තිස් හතරදහස් හාරසිය හැට හතක් මුද්‍රණය කර තිබේ .

Exit mobile version