මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10 – 15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය ,ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
