බීමතින් රේල් පාරේ නින්ද ගිහින් දුම්රියට යට වෙලා.

ඊයේ (17) රාත්‍රි 8.45ට පමණ කන්තලේ 96 ගල්මැටියාව ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

පසුව එම දුම්රියෙන්ම මෘත දේහය කන්තලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් කන්තලේ මූලික රෝහල වෙත භාර දුන් බව සදහන් .

වාර්තා වන ආකාරයට මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමග කුඹුරු වැඩ කර ඇති අතර පසුව වැඩ නිමවී රේල්පාර මත වාඩි වී මැත්පැන් පානය කර තිබේ .

පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාට එම ස්ථානයේ නින්ද ගොස් සිට ඇති බව වාර්තා වේ .

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කන්තලේ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version