මත් රකුසා පාසල් සිසුන් අතරේ වැඩි ගැවසීමක්.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්‍ය ඉෂාරා වන්නිආරච්චි ඇතුළු පිරිසක් විසින් සිඳු කළ අධ්‍යනයකදී , පාසල් සිසුන් අතර ඉතා සුලබ වශයෙන් මත් බෙහෙත් වර්ග , මත් වන ටොෆි වර්ග , දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන භාවිතය ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.

වාර්තා වන ආකාරයට දකුණු පළාතේ පාසල් සිසුන් අතර අයිස් , හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවූවත් , පාසල් වල 9 -10 යන ශ්‍රේණිවල සිසුන් අතර මෙවැනි ඇබ්බැහිවීම්වලට ගොඳුරු වීමේ දැඩි අවධානමක් පවතින බව මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරුවන් හා දෙමාපියන් අතර ඇති දුරස්ථභාවය හා නොසැළකිලිමත්භාවය බව ඔවුන් සඳහන් කර තිබේ.

Exit mobile version