ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ.

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බව වාර්තා වේ.

අද අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණි.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර තිබේ. 

Exit mobile version