පෙරහැර සමයේ මහනුවර නගරය මතින් තොරයි.

මෙවර ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය තුළ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

පෙරහැර පරිශ්‍රයෙහි වෙළෙඳසැල්වල මත්ද්‍රව්‍ය ,දුම්වැටි සහ බුලත්විට අලෙවි කිරීම තහනම් කර ඇති බව සඳහන්.

පෙරහැර කාලය තුළ ආපන ශාලා ඇතුළු වෙළෙඳසැල් පූර්ණ අධීක්ෂණයකට ලක් කෙරේ.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇසළ පෙරහැර පැවැත්වෙන දින 10 තුළ මෙම නියෝගය මහනුවර නගරයේ ක්‍රියාත්මක වන බවයි.

Exit mobile version