තීරු බදු සහනය ඉහළට.

විදෙස් ගත ශ්‍රමිකයන් නැවත ලංකාවට පැමිණීමේ දී ගුවන් තොටුපොලේ දී ලබා දෙන තීරු බදු සහනය මැයි පළමුවනදා සිට ඉහළ නැංවීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.  

ඒ සදහා චක්‍රලේඛ්‍යක් ද නිකුත් කර තිබෙන බව සඳහන්.

විදෙස් ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබා දෙන තීරු බදු සහනයට අමතරව විශේෂ තීරු බදු සහන ලබා දෙන ලෙස වන කැබිනට් පත්‍රිකාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මේ සඳහා නිකුත් කළ චක්‍රලේඛයට අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයන් මෙසේ ඉහළ නැංවූ  තීරු බදු සහන ලබා ගැනීමට සුදුසුකම් ලබන බවත් , පසුගිය වර්ෂයේ මැයි පළවැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලබන මුදල් ප්‍රමාණය සැකකිල්ලට ගනිමින් කාණ්ඩ පහක් යටතේ මෙම තීරු බදු සහනය ලබා දීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

ඒ ආනුව ඇමෙරිකානු ඩොලර් 2,400 – 4,799 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින් හට ඩොලර් 600ක තීරු බදු සහනයක් ද ,ඩොලර් 4,800 – 7,199 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 960 ක්ද , ඩොලර් 7,200 – 11,999 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 1,440 ක තීරු බදු සහනයක් ද , ඩොලර් 12,000 – 23,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 2,400 ක තීරු බදු සහනයක් ද , ඩොලර් 24,00ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයන් හට ඩොලර් 4,800ක තීරු බදු සහනයක් ද ලබා ගැනීමට හැකි බව වාර්තා වේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

විදේශ ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන ලබාදීමටත් අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී හිමිවන තීරු බදු සහනය ඉහළ නැංවීම සදහා වන චක්‍රෙල්ඛය ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබුවා. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන ඇප් එකක් හරහා ඒ පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඇප් එක හරහා ලියාපදිංචිවීම මගින් තමන් රටට එවන ඩොලර් ප්‍රමාණය මත පදනම්වෙලා තීරු බදු සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා.
 
ඒ වගේම විදේශ ගත ශ්‍රමිකයින් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හදුන්වාදීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයින්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකියි. ඒ වගේම විදේශ රැකියාවල නිරතවෙලා ඉදලා නැවත මේ රටට ආපු ශ්‍රමිකයින්ටත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මේ හරහාම ක්‍රියාත්ක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.”

Exit mobile version