නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ අද (06) රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් භූකම්පනයක් සිදු ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ .
භූකම්පනයෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 126ක් කඩාවැටී ඇති බව සඳහන් .
චීන භූකම්පන ජාල මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට මෙම භූකම්පනය, පිංයුවාන් ප්‍රාන්තයේ ඩෙෂෝ නගරයේ කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයයේ හටගෙන ඇති අතර
මෙම භූකම්පනය හේතුවෙන් චීනයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර තිබේ.
