බොරළු කන්ද විහාරයේ පවිත්‍රතා කටයුතු සහ සංවර්ධන කටයුතු වලට විරුද්ධව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබෙන නිවේදනයට එරෙහිව අර්බන් සිටිසන් සංවිධානය විරෝධය පාමින් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙන ආකාරයට මෙම විහාරයේ පවිත්‍රතා කටයුතු සහ සංවර්ධන කටයුතු අත්හිටුවීමට කටයුතු කරන ලෙසට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් ප්‍රාදේශීය ලේකම් පී. ධනේෂ්වරන් හට වාචික උපදෙස් ලබා දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා විසින් 2023.08.09 වන දින අදාළ නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එමෙන්ම මෙම ලිපියෙන් ජනාධිපතිතුමන් හට යෝජනා කර ඇත්තේ මෙරට ආගම් අතර අසමගිය ඇති කිරීමට හේතුවන මෙවැනි ක්‍රියාවන් වැළැක්විය යුතු බවයි.
තවද එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම හා බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ ජන රජයේ වගකීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාවෙන් තහවුරු කොට තිබෙන නීතියේ පාලනයේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් ය.
