එකට කා බී මිනී මරාගෙන.

වරකාපොළ ,වාරියගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසලදී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (17) රාත්‍රී 11.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව සදහන්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඝාතනය සිදු කළ තැනැත්තා ඊයේ රාත්‍රීයේ අවන්හල තුළ මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ.

එහිදී සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක් වූ තැනැත්තා වයස අවුරුදු 44ක වරකාපොළ ,වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.

මෙම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (17) රාත්‍රීයේම වරකාපොළ පොලීසිය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

වරකාපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.

Exit mobile version