ගව රෝගයෙන් කිරි නිෂ්පාදනයට බලපෑම්.

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් සිදු කර ඇති බවත් , මෙම ගව රෝගය මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වන බවත් මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතු බවත් , මෙම රෝගය පාලනයට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී.රජනායක මහත්මිය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රජනායක මහත්මිය ,

මේ ගව ගැටති රෝගය මධ්‍යම පළාතේ පොඩි බලපෑමක් කරලා තියෙනවා කිරි නිෂ්පාදනයට. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, කොත්මලේ වගේ කොට්ඨාසවලත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, උඩුනුවර, පුජාපිටිය කියන කොට්ඨාසවලත් මාතලේ දඹුල්ල, විල්ගමුව, ගලේවල කියන කොට්ඨාසවලත් මේ ගව ගැටති රෝගය හැදුන ගවයින් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන් දඹුල්ල හා ගලේවල තමා වැඩිපුරම මේ ගව ගැටති රෝගය වැලඳුනු ගවයින් දක්නට ලැබෙන්නේ. අනෙකුත් පළාත්වල අඩු වශයෙන් තමා දක්නට ලැබෙන්නේ. දඹුල්ල සහ ගලේවල ප්‍රදේශවල සතුන් 500ක් පමණ වගේ ආසාදනයට ලක්වුණා. අනෙකුත් පළාත්වල 50ක් 30ක් වගේ ප්‍රමාණයක් තමා සාමාන්‍යයෙන් ගව රෝගය ආසාදනය වෙලා තියෙන්නේ.ැම රෝගය ගවයන් අතර පැතිරීම වැළැක්වීමට අපි උපදෙස් දෙනවා. ඒ සඳහා මධ්‍යම පළාතෙන් පිට හෝ ඇතුළට සතුන් ගෙනඒම මේ දවස්වල සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා.”

Exit mobile version