බිත්තර වංචාවක් කළ සැරයන් අත්අඩංගුවට.

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් අඩු මුදලට බිත්තර ලබා දෙන පවසා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරයෙකු නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

තමා සතුව බිත්තර පෙට්ටි 10 ක් තිබෙන බවත් , එය ලබා ගැනීමට පොලිස් ගරාජය අසලට රුපියල් 50000 ක් රැගෙන එන ලෙසත් දන්වා තිබේ. මෙලෙස පවසා එක් අවස්ථාවකදී මෙම සැරයන්වරයා පලා ගොස් ඇති අතර අදාළ ව්‍යාපාරිකයින් මෙලෙස උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙසින් සිටින පුද්ගලයා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඊයේ (02) අදාළ සැකකරුව අල්ලාගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන සාමය කළමණාකරණ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙක් බව වාර්තා වේ .

Exit mobile version