බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි.

පාලන මිලක් නියම කර තිබුණද දේශිය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීම අපහසු වී ඇති බව වාර්තා වේ.

සුදු බිත්තර සදහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සදහා රුපියල් 48ක පාලන මිලක් මේ වන විටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් ඊයේ (06) දින වන විටත් රුපියල් 60ක් වැනි අධික මිලකට බිත්තර අලෙවි වන බවට පාරිභෝගිකයන් පෙන්වා දෙයි.

ආනයනික බිත්තර බේකරි සදහා පමණක් ලබා දීමට තීරණය කිරීමත් සමග මේ වන විට යළිත් වරක් වෙළෙදපොළ තුළ බිත්තර අධික මිල ගණන් යටතේ අලෙවි වේ.

Exit mobile version