විදුලි මෝටර් රථ අලෙවිය පසුගිය වසර තුන තුළ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව 2020 වර්ෂයේ ලොව පුරා අලෙවි වූ විදුලි මෝටර් රථ සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න බවත් , 2022 වර්ෂය වන විට ලොව පුරා සෑම මෝටර් රථ 20කින්ම 3ක් විදුලි මෝටර් රථ බවත් , 2023 වර්ෂය අවසන් වන විට මිලියන 14 ක විදුලි මෝටර් රථ ප්‍රමාණයක් අලෙවි වනු ඇති බවත් International Energy Agency ( IEA ) ආයතනය සඳහන් කර තිබේ.
මෙම වැඩි වීම 2022 වර්ෂයට සාපේක්ෂව 35%ක් බවත් සඳහන්.
