විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
විද්‍යුත් ත්‍රීරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකිවනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිතා කරන බැවින් එවැනි ත්‍රීරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබේ.
එසේම මෙම මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් බයිසිකලයක තාර බර කිලෝ ග්‍රෑම් 500 යක්ද දළ බර කිලෝග්‍රෑම් දාහක්ද නොඉක්මවිය යුතුයි.
ඒ අනුව විද්‍යුත් තීරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් රථ වාහන රථවාහන පනත සංශෝධනය කිරීම පිණිස 2022.08.08 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව සදහන්.
එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද වාර්තා වේ.