කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කිහිපයකට විදුලිය රැගෙන යන ඇතැම් කේබල්වල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (14) පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කෙටි විදුලි බිඳවැටීමක් සිදු වූ බව වාර්තා වේ .
මීට අමතරව විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලි උත්පාදනය ප්‍රමාද වී ඇති බවත් , මේ හේතුවෙන් ඇතැම් ශල්‍යකර්ම විදුලි පන්දම් එළියෙන් සිදුකර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර තිබේ .
