අලි පාසලට එති – ළමයි ගෙදර යති.

ආරච්චිකට්ටුව, කුරුක්කුලිය ප්‍රදේශයට හය දෙනෙකුගෙන් පමණ සමන්විත වල් අලි රංචුවක් අද (31) දින උදෑසන පැමිණීම නිසා කුරුක්කුලිය මහා විද්‍යාලය තාවකාලිකව වසා දැමූ බව වාර්තා වේ.

වල් අලි රංචුව ගම්මානයට කඩා වදින  විටත් මෙම විදුහලට සිසු සිසුවියන් පිරිසක් පැමිණ සිට ඇති අතර එම සිසු සිසුවියන් මව්පියන්ට භාරදුන් බවට පාසලේ ගුරුවරයෙක් ප්‍රකාශ කර තිබේ.

සිසු සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල අද(31) දින තාවකාලිකව වසා දැමූ බවද එම ගුරුවරයා වැඩිදුරටත් පවසා තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව වල් අලි රංචුව පලවා හැරීමට පියවර ගෙන ඇති බව සදහන්.

Exit mobile version