රජය විසින් දැනට සුදු බිත්තරයක් රුපියල් 44 ක් ලෙස හා රතු බිත්තරයක් රුපියල් 46 ක් වූ උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර එම පාලන මිල ඉවත් කරණ ලෙස සමස්ත ලංකා කුකුළු ව්යාපාරකයන්ගේ සංගමයේන් ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ.
කෙසේ වෙතත් වෙළදපලේ සැලකිය යුතු බිත්තර හිගයක් ඇති බවයි පැවසෙන්නේ.
බිත්තර වෙළදුන් පෙන්වාදී ඇත්තේ සීලර මිලක් නියම කිරීම හේතුවෙන් බිත්තර වෙළදාම සිදු කල නොහැකි වී ඇති බවයි.
කෙසේ වෙතත් සමස්ත ලංකා කුකුළු ව්යාපාරකයන්ගේ සංගමයේ උපදේශක මාතලී ජයසේකර පවසා ඇත්තේ පාලන මිල ඉවත් කල හොත් බිත්තර හිගය වලක්වාගත හැකි බවයි.
