ධාරාණිපාත වර්ෂාව සමග වසා තිබූ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වේ.
ඇල්ල වැල්ලවාය මාර්ගයට රන්දෙණිය ප්‍රදේශයේ කිලෝමීටර 6, 7 කණු අතර ස්ථාන කිහිපයකින් ම අවර වීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.
ස්ථාන කිහිපයක එක් මං තීරුවක් පමණක් මේවන විට විවෘත කර මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඇල්ල-වැල්ලවාය මාර්ගය කාර්යබහුල වීම නිසා අවදානම් ස්ථානවල මග නැවතී ආහාර ගැනීම, සිරි නැරඹීම, ඡායාරූප ගැනීම මේ දිනවල අවදානම් බවද ආපදා අංශ පෙන්වා දී තිබේ.