ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටින බවට වාර්තා වේ.
ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරි කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමින් වන අතර මේ හේතුවෙන් කාර්යාලය සේවා හා පාරිභෝගික සේවා කිසිවක් සිදු නොවන බවට ජල සම්පාදන හා වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැදවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ජල සැපයුමටද බාධා එල්ල විය හැකි අතර මෙහි වගකීම පාලකයන් භාරගත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
“අපි අප්‍රේල් 4 වෙනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා. කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා කිසිවක් ඉටුවෙන්නේ නෑ. ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා අපි පොම්පාගාරවල කටයුතු විතරක් පවත්වාගෙන යනවා. හැබැයි නඩත්තු, අලුත් වැඩියාවන් සිද්ධවෙන්නේ නෑ. ඒ අනුව යම් යම් ස්ථානවල ජල සැපයුම අඬාල වීමේ අවධානමක් තිබෙනවා. අපි කියා සිටින්නේ, අපේ මේ යුක්ති සහගත නීත්‍යානූකූල ඉල්ලීම, වැඩකරපු දවස්වලට වෛද්‍ය නිවාඩු නොලබා වැඩකරපු දිනවලට ශ්‍රමය ලබාදීපු දිනවලට අදාළ ගෙවීම් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.”
