එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බවට එමිරේට්ස් නිල වෙබ් අඩවිය මගින් නිවේදනයක් නිකුත්කර ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලයේ පවතින යූධමය වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට නියමිත කාළසටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවන නිසා , මෙසේ එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු අත්හිහිටුවීමට තීරණය කර ඇති බවට එම නිවේදනයේ සදහන් .
ඊශ්‍රායල සහ අනෙකුත් රටවල ගුවන් සේවා බලධාරීන් සමග සමීපව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹීමට සිදු කෙරුණු බවට එමිරේට්ස් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ .
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා www.emirates.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිති .
