විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් හා ඔහුට විරුද්ධව තිබෙන විනය චෝදනා සම්බන්ධ පරීක්ෂණ විනිවිදභාවයකින් සිදු කරන ලෙස පාලනාධිකාරියට බල කරමින් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බලමණ්ඩලය ඊයේ ( 24 දින) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිරය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වුණු අතර එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ඩී. සුරංජීව මහතා පැවසුවේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා සම්බන්ධයෙන් පාලනාධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගතහොත් සියලු විශ්වවිද්‍යාල ප්‍රජාව සම්බන්ද කරගනිමින් දැඩී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවයි .
සරත් සමරනායක
