මෙම වර්ෂය තුළදී කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වෙනත් වර්ෂවලට සාපේක්ෂව දෙගුණ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කොරියානු තානාපති ලී මියෝන් ඇතුළු දූත පිරිසක් අතර ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී කොරියානු ජන රජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහිදී ඔහු සඳහන් කළේ කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයන්ට වඩා වැඩි අවස්ථාවක් හිමි වන බවයි .
එමෙන්ම සෞඛ්‍යය , කෘෂිකර්මය , අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර වල සංවර්ධනය වෙනුවෙන් ලැබුණු සහයට සහ කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තූතිය පළ කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහාය බලාපොරොත්තු වන බවයි .
